2023 උසස් පෙළ විභාගය ලබන වසරේ ජනවාරියේ

2023 උසස් පෙළ විභාගය ලබන වසරේ ජනවාරියේ

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන වසරේ ජනවාරි 04 වනදා සිට ජනවාරි 31 වැනිදා දක්වා පැවැත්වේ.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, මීට අදාළ සංශෝධිත කාලසටහන ඉදිරියේදී ප්‍රසිද්ධ කරන බවයි.

විභාගය සඳහා අයදුම් කිරීමට අපේක්ෂාවෙන් සිටි නමුත් මෙතෙක් අයදුම්පත් යොමු කිරීමට නොහැකි වූ අයදුම්කරුවන් සඳහා පමණක්,ඔන්ලයින් අයදුම් කිරීමට දින 05 ක කාලයක් ලබා දී තිබේ.

විභාග දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ, එම අයදුම්කරුවන්ට මේ මස 06 වනදා සිට 10 වැනිදා දක්වා ඔන්ලයින් අයදුම් කිරීමට අවස්ථාව ලබාදී ඇති බවයි.

මේ පිළිබද යම් ගැටලුවක් වෙතොත් 1911 ක්ෂණික දුරකතන අංකයෙන් හෝ 011 2 784 208, 011 2 784 537 හෝ 011 2 786 616 විමසීම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

COMMENTS