ශ්‍රී ලංකාව රනින් සැරසූ තරුෂිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මූල්‍ය ත්‍යාගයක්

ශ්‍රී ලංකාව රනින් සැරසූ තරුෂිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මූල්‍ය ත්‍යාගයක්

වසර 21කට පසුව ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් හිමිකරදීමට තරුෂි කරුණාරත්න ඊයේ සමත්විය.

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 ඉසව්වට එක්වූ තරුෂි කරුණාරත්න එම ඉසව්ව මිනිත්තු 2:03.20කින් නිම කරමින් එහි රන් පදක්කම හිමිකරගත්තාය.

මේ අතර තරුෂි දැක්වූ එම සුවිශේෂී දක්ෂතාවය ඇගයීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇය වෙත මූල්‍ය ත්‍යාගයක් ලබාදීමට තීරණය කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රන් පදක්කම ලක්මවට ලබාදුන් තරුෂි කරුණාරත්නට මිලියන 10ක මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.