ලෝක ගුරු දිනය අදයි

ලෝක ගුරු දිනය අදයි

ලෝක ගුරු දිනය සෑම වසරකම ඔක්තෝබර් 5 වන දා සමරනු ලබනවා.

යුනෙස්කෝ (UNESCO) සංවිධානය විසින් 1966 කරන ලද ප්‍රඥප්තියට අනුව ලෝක ගුරු දිනය නිර්මාණය වුණා.

එහෙත් නිල වශයෙන් මෙම ගුරු දිනය සැමරීම ආරම්භ කරන ලද්දේ 1994 ඔක්තෝම්බර් 5 වනදායි.

ලෝක ගුරු දිනයට සමගාමීව ශ්‍රී ලංකාව ගුරු දිනය සමරනු ලබන්නේ හෙටයි.

ගරු කිරීමට සුදුසු තැනැන්තා, ගුරුවරයායි. සිය ගෞරවාන්විත සේවාව නිසා සමාජයේ වන්දනීයත්වයට භාජනය වන එකම තැනැත්තා ද ගුරුවරයායි.

ගුරුවරයා වෘත්තිකයෙක් මුත් සෙසු වෘත්තිකයන් නොලබන සමාජ ගෞරවයක් සහ, වන්දනීය බවක් ලබන්නේත් ගුරුවරයා‍ය යන්න සත්‍යයක්.

වන්දනීයත්වය ගෞරවනීයත්වයත් හැමදාටම රැක ගන්නට ගුරුවරයාත් සිහි තබා ගත යුතු වෙනවා.

සෑම ප්‍රශස්ත ගුරුවරයකුගේම අරමුණ වන්නේ තමා තරුවක් නම් තම සිසුවා සුර්යයා මෙන් බබළනු දැකීමයි. එබඳු උදාර වූ, උතුම් වූ චින්තනයකින් පිරිපුන්ව සිය සේවාව සිදු කරන එකම වෘත්තිකයා ද ගුරුවරයා පමණයි.