දුම්රිය වර්ජනය අදත්

දුම්රිය උපනියාමකයින් පිරිසක් ආරම්භ කළ හදිසි වැඩ වර්ජනය අදත් (05) ක්‍රියාත්මක බව ලංකා දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසයි.
එහි ප්‍රධාන ලේකම් කේ. ඩී. ඩී. ප්‍රසාද් මහතා පැවසුවේ, දුම්රිය උපනියාමකවරයෙකුට දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු පහරදීම හේතුවෙන්, දුම්රිය උපනියාමකයින් මෙම වැඩ වර්ජනය ආරම්භ කළ බවය.
මෙම වැඩ වර්ජනය හේතුවෙන් අද දිනයේ ද දුම්රිය ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වැඩ වර්ජනයට හේතු වූ සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ (04) දිනයේ ද දුම්රිය රැසක් අවලංගු කෙරුණි.