බස් රථ අනතුරක් – 6ක් රෝහලේ

බස් රථ අනතුරක් – 6ක් රෝහලේ

කතරගම සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් සහ කොළඹ සිට ගාල්ල බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් එකිනෙකට ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව තිබෙනවා.

සිදු වූ මෙම අනතුරුන් පුද්ගලයින් 06ක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ සුඛෝපභෝගී බස් රථයේ ගමන්ගත් හය දෙනකු බවයි සඳහන් වෙන්නේ.

එහි රියදුරු ද තුවාල ලැබූවන් අතර සිටින බව සඳහන්.

ලංගම බස් රථය යතුරු පැදියකට ඉස්සර කර යාමට උත්සාහ කිරීමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි සුඛෝපභෝගී බස් රථයේ ගැටී අනතුර සිදුව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

COMMENTS