ඩැනී යළි දිවයිනට – පෙම්වතිය ගැනත් කියයි (Video)
ඕස්ට්‍රේලියාවේ ඩවුනින් වීදියේ අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කළ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අද අලුයම දිවයිනට පැමිණියා.
ඔවුන් ඊයේ රාත්‍රී 10.55 ට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 607 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ධනුෂ්ක ගුණතිලක ,
“මෙම මාස එකොළහක කාළය තුළ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ මා සමඟ සිටි සියලු දෙනාටම ස්තුතිය පිරිනමනවා.
එසේම මෙම කාළය තුළ ඉවසීමෙන් සිටීමට ක්‍රිකට් මගින් ලද පුරුදු පුහුණු කිරීම් මෙන්ම එයින් ලද ආභාසය ද ඉවහල් වුණා.
එමෙන්ම ඉතා ඉක්මනින් ක්‍රිකට් සඳහා අවශ්‍ය පුහුණු වීම් වල නිරත වීමට කටයුතු කරනවා.” යනුවෙන්
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඔස්ට්‍රේලියාව වෙත ගොස් සිටියදී කාන්තාවකට ලිංගික අඩත්තේට්ටම් සිදු කළා යැයි චෝදනා එල්ල වී පසුව ඔහුව නිදොස් කොට නිදහස් කෙරුණි.