ඇෆ්ගනිස්ථානය ශ්‍රී ලංකාව පරදා ජය ලබයි

2023 ලෝක කුසලානයේ 8 වන පෙර පුහුණු තරගය අද ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර ඊයේ (03) Guwahati හි Barsapara Cricket Stadium දී පැවැත්වුණා.
තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම විසින් හිමිකරගත් අතර ඔවුන් පළමුව පන්දු යැවීමට තීරණය කළා.
මේ අනුව පළමුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රි ලංකා කණ්ඩායම පන්දු ඕවර 46 යි පන්දු 2 දී සියලුදෙනාම දැවී ලකුණු 294 ක් ලබා ගත්තා.
ලකුණු 295 පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ඇෆ්ගනිස්ථානයට තරගය අතරතුර වර්ෂාව බාධා පැමිණීම නිසා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඔවුනට හිමි වු ඉලක්කය පන්දු ඕවර 42 දී ලකුණු 257 ක් ලබා ගැනීමයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දු ඕවර 38 යි පන්දු 1 දී කඩුලු 04 ක් දැවී ලකුණු 261 ක් ලබා ගත්තා.
Rahmanullah Gurbaz ලකුණු 119, Rahmat Shah ලකුණු 93 පන්දු යැවීමේදී කසුන් රාජිත හා ලහිරු කුමාර කඩුලු 01 බැගින් ලබා ගත්තා.
ඒ අනුව 2023 ලෝක කුසලාන 18 වන පෙර පුහුණු තරගයෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුලු 6 ක ජයක් ලැබුවා.