මෙන්ඩිස්ගෙන් සුපිරි පිති හරඹයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව දැන් පැවැත්වෙන පුහුණු තරගයේදී ලකුණු 158ක් රැස්කරගැනීමට කුසල් මෙන්ඩිස් සමත්විය.
පන්දු 87ක් තුළදී ලකුණු 158ක් රැස්කරගෙන සිටියදී ඔහු සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.
ඔහුගේ ඉනිමට හයේ පහර 9ක් සහ හතරේ පහර 19ක් ඇතුළත් විය.
කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පන්දුවාර 31යි පන්දු 4ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 246ක් රැස්කරගෙන පන්දුවට පහරදෙමින් සිටී.