මාස 11කට පසු ධනිෂ්ක මව්බිමට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරුවක් වූ ධනිෂ්ක ගුණතිලක අද (03) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඒ සිය පෙම්වතියද සමඟින් බවයි වාර්තා වන්නේ.
ඔහුට එරෙහිව ඕස්ට්‍රේලියානු කාන්තාවක් විසින් ගොනු කර තිබූ නඩුව සම්බන්ධව අවසන් තීරණය මීට දින කීපයකට ප්‍රථම එරට අධිකරණය විසින් ලබා දෙනු ලැබුවේ සියලු චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කරමින්.
31 හැවිරිදි ඔහු T20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට ඕස්ට්‍රේලියාවට ගොස් සිටියදී පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී Tinder හි මුණගැසුණු කාන්තාවකට ලිංගික අතවර කිරීමේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා.
කෙසේ වෙතත් මාස 11 ට පසුව ඔහු නිවැරදිකරුවෙකු වශයෙන් ලක්බිමට පැමිණෙන අතර ගුවන්ගමන අතර තුර ඔහු පෙනී සිටි ඡායාරූපයක් මේ වන විට සමාජමාධ්‍යයේ සංසරණය වෙනවා.