අද සුරාසල් වැසේ

ලෝක අමද්‍යප දිනය නිමිත්තෙන් අද (3) දිවයින පුරා මත්පැන් අලෙවිසල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එහි අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ සඳහන් කළේ, හෙට දිනයේ මත්පැන් සිල්ලරට විකිණීමේ සියලු ම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කරනු ලැබ ඇති බව ය.
ලෝක අමද්‍යප දිනය අදට යෙදී තිබේ.