අද සිට නිරිතදිගට වැස්ස වැඩි වෙයි – නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 8 කට පැන වූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ, ගාල්ල, මාතර, කෑගල්ල, රත්නපුර, මහනුවර, කළුතර, මාතලේ හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා එම නිවේදනය නිකුත් කර ඇති බවයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හා ඒ අවට ප්‍රෙද්ශවලටත්, මහනුවර දිස්ත්‍රික්කයේ පස්භාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අදියර දෙක යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර හා කොටපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, ඇහැලියගොඩ, කලවාන, රත්නපුර, නිවිතිගල, කිරිඇල්ල, ඇලපාත, කුරුවිට හා පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාවලටත් නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ අදියර දෙක යටතේයි.
එම ප්‍රදේශවල ජනතාව ගල් පෙරළීම්, නායයෑම්, පොළව ගිලා බැසීම්, පස් කඳු කඩා වැටීම් වැනි තත්ත්වයන් පිළිබඳ විමසිලිමත් විය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
මේ අතර දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අද (03) සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි අපේක්ෂා කළ හැකියි.
ඊයේ (02) පෙරවරු 8.30 සිට අද අලුයම 5.30 දක්වා කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය මාතර, අකුරැස්ස ප්‍රදේශයෙන් වාර්තා විය.
එම අගය මිලිමීටර් 69.5 කි.
මේ අතර නිල්වලා ගගේ ගංවතුර තත්ත්වය සුළු වශයෙන් තවදුරටත් ඉහළ යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.
මාතර, අකුරැස්ස, මාලිම්බඩ, අතුරලිය, කඹුරුපිටිය, තිහගොඩ ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳ විමිසිලිමත් විය යුතුයි.
අත්තනගළු ඔය, කළු, ගිං ගංගාවල පැවති සුළු ගංවතුර මට්ටම මේ වනවිට පහව යමින් ඇතැයි වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්. පී. සී සුගීෂ්වර මහතා සඳහන් කළේ ය.
වර්ෂාධික කාලගුණය හමුවේ තවදුරටත් පුද්ගලයින් සංඛ්‍යාව 25,863 පීඩාවට පත්ව සිටි.
ඉන් වැඩිම පිරිසක් බලපෑමට ලක්ව ඇත්තේ බස්නාහිර පළාතේයි.
බස්නාහිර පළාතේ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල බලපෑමට ලක්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 20,771 කි.