වසරේ මේ දක්වා ලාඳුරු වැළදුණු ළමයින් 105ක්

වසරේ මේ දක්වා ලාඳුරු වැළදුණු ළමයින් 105ක්

වසරේ ගත වූ කාලය තුළ ලාඳුරු රෝගය වැළඳුණු ළමයින් 105 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව ලාදුරු මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසනවා.

මෙලෙස ලාදුරු වැළඳුණු ළමයින් අවුරුදු 14 ට අඩු බවයි ඔහු සඳහන් කළේ.

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට ලාදුරු රෝගීන්ට පැමිණ ප්‍රතිකාර ලබා ගත හැකි සායනයක් කොළඹ ජාතික රෝහලේ කාමර අංක 12 හි මධ්‍යම ලාදුරු සායනය නමින් පවත්වාගෙන යනු ලබනවා.

සතියේ දිනවල පෙරවරු 8 සිට පස්වරු 4 දක්වාත්, සෙනසුරාදා පෙරවරු 8 සිට දහවල් 12 දක්වාත්, එම සායනයට පැමිණ ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව පවතින බවයි ලාදුරු මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර සඳහන් කළේ.