බස් ගාස්තු වැඩි කිරීමට ඉල්ලීමක්

බස් ගාස්තු වැඩි කිරීමට ඉල්ලීමක්

ඩිසල් මිල ඉහළ දැමීම හේතුවෙන් බස් ගාස්තු ඉහළ දැමීමට රජයෙන් අවසර ලබා දිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික රථ හිමියන්ගේ සංගමය පවසා තිබෙනවා.

එහි සභාපතිවරයා පැවසුවේ අවම වශයෙන් 5%ක ප්‍රතිශතයකින් බස් ගාස්තු ඉහළ දැමීම සිදු කල යුතු බවයි.

ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙටිකෝ සහ ලංකා ඉන්දීය ඔයිල් සමාගම සුපර් ඩිසල් මිල සහ ඔටෝ ඩිසල් මිල ඉහල දමා ඇති හෙයින් සමස්ත ලංකා පෞද්ගලික රථ හිමියන්ගේ සංගමය මෙලෙස ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

COMMENTS