අයහපත් කාලගුණයෙන් 15,496ක් පීඩාවට
පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පවුල් 3,672 කට අයත් පුද්ගලයින් 15,496 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එමෙන්ම මේ වනවිට පිටාර ගලා ඇති කළු, ගිං,නිල්වලා ගංගා සහ අත්තනගලු ඔය අවට පහත්බිම්වල ජීවත් වන ජනතාව සඳහා නිකුත් කළ ගංවතුර අවදානම ඉදිරි පැය 24 සදහාද දීර්ඝ කර තිබෙනවා.
එමෙන්ම කැළණි ගඟේ නාගලගම් වීථිය ප්‍රදේශය ජලයෙන් යටව තිබෙනවා.
කොළොන්නාව ප්‍රදේශයේ ඇතැම් ස්ථාන ජලයෙන් යටවීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවද පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයටයි.
මේ අතර, කළු ගඟ පිටාර ගැලීම හේතුවෙන් හොරණ – මතුගම ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම නිසා ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ එමෙන්ම බුලත්සිංහල ප්‍රදේශයේ ප්‍රදේශ රැසක්ද ජලයෙන් යටවී ඇති බවයි. ගිං ගඟ පිටාර ගැලීමෙන් ගාල්ල ප්‍රදේශයේ බද්දේගම, උණන්විටිය හා අගලිය ප්‍රදේශ ද ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.
කිරම ඔය පිටාර ගැලීමෙන් බෙලිඅත්ත – තංගල්ල ප්‍රධාන මාර්ගය ද ජලයෙන් යටව තිබෙනවා.
තංගල්ල ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළං තත්වය හේතුවෙන් තංගල්ල – මාතර ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටී ගමනා ගමනයට බාධා එල්ල වී තිබෙනවා.
ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල – පොලොම්මාරුව කණිෂ්ඨ විද්‍යාලයේ ජලයෙන් යටවීම හේතුවෙන් පාසල වසා දැමීමටයි අද (02) බලධාරීන් කටයුතු කර තිබෙන්නේ.
මුන්දලම – තාරවිල්ලුව ප්‍රදේශයෙන් කිරියන්කල්ලිය ඇලෙන් එගොඩ වීමට යාමේදී ජල පහරට හසුව ගසා ගෙන ගොස් අතුරුදහන් වු පුද්ගලයාගේ සිරුර තාරවිල්ලුව ප්‍රදේශයේදී සොයා ගෙන තිබෙන අතර, මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 40 වන මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි සඳහන් වන්නේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 9කට නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
ගංවතුර තත්වය හේතුවෙන් සහන සැලසීම සදහා යොදවා තිබු නාවික හමුදා සහන කණ්ඩායම් ජල මට්ටම බැස යාම හේතුවෙන් නැවතත් කදවුරු වෙත ගෙන්වා ගැනීමට කටයුතු කළ බවයි නාවික හමුදා මාධ්‍ය අධ්යක්ෂ කපිතාන් ගහාන් වික්‍රමසුරිය සඳහන් කළේ.
නාවික හමුදා මාධ්‍ය අධ්යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ හදිසි ඕනෑම තත්ත්වයක දී සහන කණ්ඩායම් පිටත් කිරීමට කටයුතු කරන බවයි.