නිලූක කරුණාරත්න බැඩ්මින්ටන් ක්‍රීඩාවට සමුදීමට සූදානම්

නිලූක කරුණාරත්න බැඩ්මින්ටන් ක්‍රීඩාවට සමුදීමට සූදානම්

ශ්‍රී ලංකාවේ දක්ෂතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන නිලූක කරුණාරත්න සිය විශ්‍රාම ගැනීම පිළිබඳව නිවේදනය කොට සිටිනවා.

2002 සිට 2018 දක්වා පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළ 5කට තරඟ වැදුණු නිලූක සිය පළමු අන්තර්ජාතික ජයග්‍රහණය වාර්තා කළේ 2011 වසරේදි පෝර්ටෝ රිකෝහිදිය.

මේ දක්වා අන්තර්ජාතික ජයග්‍රහණ 24ක් ලබා සිටින නිලූක කරුණාරත්න මහාද්වීප 5දීම රන් පදක්කම් දිනා ගැනීමට සමත්වූ අතර, ඕනෑම ක්‍රීඩාවකින් එවැනි දස්කමක් පෑ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ද වෙනවා.

COMMENTS