නබිතුමන්ගේ ඡන්ම දිනය අදයි

නබිතුමන්ගේ ඡන්ම දිනය අදයි

ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන් ඉමහත් බැතියෙන් සමරන ශුද්ධ වූ මොහොමඩ් නබිතුමන්ගේ ඡන්ම දිනය හෙවත් මිලාත් උන් නබි උත්සවය අදට (28) යෙදී තිබේ.

ක්‍රිස්තු වර්ෂ 571 දී නබිනායක තුමාගේ උපත සිදු වූයේ සෞදි අරාබියේ මක්කම නගරයේදීයි.

ආමිනාතුමියට හා අබ්දුල්ලා යන දෙපළට දාව උපන් දරුවාට උපතේ සිට ම පිය සෙනෙහස අහිමි වූ අතර වයස අවුරුදු 6 පමණ වන විට මව් සෙනෙහස ද අහිමි විය.

කුඩා කළ නිසි අධ්‍යාපනයක් නොළ ද ඔහු තරුණ වියේදී එඩේර ජීවිතයක් ගත කළත්, පසුව ව්‍යාපාරිකයෙකු ලෙස විවිධ ප්‍රදේශවල සංචාරය කළේ ය.

පසුව අන් අය අතර විශ්වාස ගොඩනගාගත් එතුමන් අල් අමීන් හෙවත් විශ්වාසවන්තයා යන නාමයෙන් ද ප්‍රචලිත විය.

ඉස්ලාම් දහම ලොවපුරා ව්‍යාප්ත කළ එතුමන්ට හතලිස් වැනි වියේදී අල්ලා දෙවියන්ගේ පණිවුඩකරු වීමේ වරම් ලැබුණි.

අරාබිකරයේ ප්‍රජාව යහ මගට යොමුකළ එතුමන්, 23 වසරක් දේව මෙහෙවර ඉටු කළේ ය.

COMMENTS