ධනිෂ්කගේ ක්‍රිකට් තහනම ඉවත් කිරීමට අවධානය

ධනිෂ්කගේ ක්‍රිකට් තහනම ඉවත් කිරීමට අවධානය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ධනිෂ්ක ගුණතිලකට පනවා ඇති තාවකාලික ක්‍රිකට් තහනම ඉවත් කිරීමට අදාළව අද දිනයේ සලකාබලනු ඇති බව වාර්තා වෙයි.

ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකව ඔස්ට්‍රේලියානු අධිකරණය මගින් අද නිදොස් කොට නිදහස් කර තිබුණි.

සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ දී ධනිෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කළ බව විනිසුරු සාරා හගෙට් තීන්දු කළාය.

ටින්ඩර් නම් සමාජ මාධ්‍ය යෙදවුමක් ආධාරයෙන් හමුවූ කාන්තාවක් ලිංගිකව අපයෝජනය කිරීම යන චෝදනාව යටතේ ධනිෂ්ක ගුණතිලකට චෝදනා ගොනුවී තිබිණි.

ඉකුත් 21 වනදා ධනුෂ්කගේ නඩු විභාගය සිඩ්නි නුවර නිව් සවුත්වේල්ස් දිස්ත්‍රික් අධිකරණයේදී අවසන් වූ අතර, එහි තීන්දුව අද (28) ප්‍රකාශ කරමින් ධනිෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කළේය.

COMMENTS