ප්‍රබල සටනකින් පසු ආසියානු කාන්තා ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාවට

ප්‍රබල සටනකින් පසු ආසියානු කාන්තා ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාවට

අවසන් තරගයේදී ප්‍රබල සටනකින් පසුව ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජයට පත්වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එම ඉසව්වේ රිදී පදක්කම හිමිකරගත්තා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දියානු කාන්තා කණ්ඩායම අතර පවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසියේ දිනා ගැනීමෙන් පසු ඉන්දීය නායිකාව තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි.

එහිදී ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 116ක් ලබා ගනු ලැබුවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 117ක්.

කෙසේ නමුත් පන්දුවාර 20 අවසානයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හිමිකරගතහැකි වූයේ කඩුළු 08ක් දැවී ලකුණු 97ක් පමණයි.