ඉන්දියාවෙන් දුම්රිය එන්ජින් 23ක්

මෙරට දුම්රිය පද්ධතිය පිළිබඳ තාක්ෂණික වාර්තාවක් ඉන්දියාවට ලබාදී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඉන්දීය රජය මගින් දුම්රිය එන්ජින් 23 ක් මෙරටට ලබාදීමට එකඟතාව පළ කර ඇති බවයි.
ඒ අනුව මෙරට ධාවනයට සුදුසු දුම්රිය එන්ජින් ලබාගැනීම සඳහා අදාළ තාක්ෂණික වාර්තාව ඉන්දියාවට ලබාදී තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, ඉන්දියාව විදුලි දුම්රිය ධාවනය සඳහා යොමුවීමත් සමග එරට ධාවනයෙන් ඉවත් කෙරෙන දුම්රිය එන්ජින් 23 ක් මෙරටට ලබාදීමට එකඟතාව පළ කර ඇති බවයි.