නිපා වෛරසය ගැන බිය යුතු නැහැ – සෞඛ්‍ය අංශ

නිපා වෛරසය සම්බන්ධයෙන් මෙරට ජනතාව බිය වීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
මෙම වෛරසය 1999 වසරේ මුල් වරට මලයාසියාවෙන් හඳුනා ගත් අතර පසුගියදා යළිත් මෙම වෛරසය සම්බන්ධයෙන් කථාබහට ලක්වූයේ ඉන්දියාව තුළ පැතිරයාමත් සමඟයි.
මෙම තත්වය හමුවේ පැතිර යන ඇතැම් වාර්තා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණා.
කෙසේ වෙතත් ඕනෑම අවදානම් තත්ත්වයකට මුහුණදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය සහිත නිපා වෛරසය හඳුනාගැනීමට අවශ්‍ය විශේෂිත පරීක්ෂණ කට්ටල ඇණවුම් කර ඇති අතර ඒවා දින කිහිපයකින් මෙරටට ලැබීමට නියමිත බව සඳහන් වෙයි.
එමෙන්ම නිපා වෛරසය ආසාදිත රෝගීන් සඳහා විශේෂිත ප්‍රතිකාර හෝ එන්නතක් මේ වන තෙක් ගෝලීයව නිෂ්පාදනය කර නොමැති බව ද සඳහන්.