තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවනවා – ජනපති

තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවනවා – ජනපති

රටේ සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා රට මෙහෙයවීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ අදහස් පල කළේ, ඊයේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතින්ගේ මූලස්ථානයේ දී ආරම්භ කෙරුණු එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය අමතමින් ය.

මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රි 10.00 ට පමණ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සැසිය ඇමතුවේ ය.

වත්මන් මෙන්ම අනාගත පරම්පරාවන්ට ද සාමයෙන් හා සංහිදියාවෙන් යුත් සෞභාග්‍යයමත් අනාගතයක් සහතික කරමින්, රටේ සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා රට මෙහෙයවීම තම අභිප්‍රාය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කර තිබේ.

මෙම ඉලක්කය කරා ළඟා වීමට, ශ්‍රී ලාංකීය ජනතාවගේ සේම ජාත්‍යන්තර ප්‍රජාවගේ ද විශ්වාසය සහ සහාය තමාට හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.

COMMENTS