අර්ජුන නැත්නම් අද මම මෙතන නැහැ – මුරලි (Video)

ලොව බිහිවූ විශිෂ්ටතම දඟ පන්දු යවන්නෙකු වන මුත්තයියා මුරලිදරන්ගේ ජිවිත කථාව පාදකකර ගනිමින් නිර්මාණය කරන ලද “එයිට් හන්ඩ්‍රඩ්” චිත්‍රපටය භාෂා 04කින් ලබන මස 06 වැනිදා සිට ලොව පුරා ප්‍රදර්ශනය කෙරෙනවා.
සිංහලෙන් හඬකවන ලද “එයිට් හන්ඩ්‍රඩ්“ චිත්‍රපටය ද එදින සිට ශ්‍රී ලංකාවේත් ප්‍රදර්ශනය කිරීම විශේෂත්වයක්.
“800” චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පසුගිය 05 වැනිදා ඉන්දියාවේ මුම්බායි හිදී එළි දැක්වූවා.
දමිළ සිනමාවේ සුප්‍රකට අධ්‍යක්ෂවරයකු වන එම්.එස්. ශ්‍රීපතිගේ සිනමා නිර්මාණයක් වන ‘800’ තිර රචනය ද ඔහු විසින් සිදු කරනු ලැබූ අතර, මුරලි චරිතය පණ පොවන්නට විජේ සේතුපති තෝරාගෙන තිබුණත් තමිල්නාඩුවේ ඇතැම් පාර්ශවයන්ගෙන් එල්ල වූ දැඩි බලපෑම් මත සේතුපති ඉන් ඉවත්වීමට තීරණය කළා.
ඒ අනුව ඉන්දියාවේ අතිශය ජනප්‍රියත්වයට පත් , ඔස්කා සම්මානයෙන් පිදුම් ලැබූ ස්ලම්ඩෝග් මිලියනය(ර්) (Slumdog Millionaire) චිත්‍රපටයේ සලීම්ගේ චරිතයට පණ පෙවූ “මධූර් මිට්ටාල්” මුරලිගේ චරිතයට රංගනයෙන් දායක වනවා.
ජනවාර්ගික අර්බුදයට මැදිව මුරලි සිය ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කිරීමෙන් අනතුරුව, ජාතික කණ්ඩායම තෙක් ආ ගමන් මග මෙන්ම ඔස්ට්‍රේලියාවේදී පන්දු දමා ගැසීමේ චෝදනාවට ලක්වීම, 1996 ලෝක කුසලානය දිනාගැනීමේ මතකය, 2009 වසරේ ලාහෝර්හිදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රභාරය සහ 800 වැනි ටෙස්ට් කඩුල්ල දවා ගැනීම ඇතුළු මුරලිගේ ක්‍රිකට් දිවියේ සුවිශේෂී සිදුවීම් රැසක් මෙම ‘800’ චිත්‍රපටය හරහා සිනමාවට නගා තිබෙනවා.
‘800‘ චිත්‍රපටය ලබන මස 06 වැනිදා සිට භාෂා 04කින් ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතයි.
ඒ පිළිබඳව කොළඹදී මාධ්‍ය හමුවක් ද කැඳවා තිබුණා.
මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දක්ෂතම ඳඟ පන්දු යවන්නා වු මුත්තයියා මුරලිදරන්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග පිළිබද අදහස් දැක්වීමක් සිදුකර තිබෙනවා.
“අර්ජුන රණතුංග තමයි මාව හදුනාගෙන 1992 ජාතික කණ්ඩායමට ගෙනාවේ මුල ඉදලම මාව බලා ගත්තේ තාත්තා කෙනෙක් වගේ එයා නැත්නම් මම දැන් ඉන්න තත්වෙට එන්නේ නෑ එයා හිටියේ නැත්තම් කඩුළු හෝ මෙතන ඇවිල්ලා කතා කරන්න පුළුවන් තත්වෙක මම ඉදියි කියලා හිතන්නේ නැහැ. එක කැප්ටන් කෙනෙක්වත් ඒ වගේ කරලා නැහැ. කරන්නත් බැහැ.”යනුවෙන් අර්ජුන රණතුංග ගැන ස්තූතිපූර්වකව මුරලි මෙහිදී අදහස් දැක්වුවා.
වැඩි දුරටත් අදහස් දැක්වූ මුත්තයියා මුරලිදරන්,
“ඇමතිතුමාට මං ස්තූතිවන්න වෙනවා.. මේ චිත්‍රපටය සිංහලෙන් පෙන්නන්න දුන්නට.”
“මේ රටේ ඉන්න ඔක්කොම සිංහල මිනිස්සු මට ආදරය කළා. ඒ වගේම මට හුගාක් උදව් කරලා තියෙනවා. මේ චිත්‍රපටය අනිවාර්යයෙන් ඒගොල්ලෝ සිංහලෙන් බලන්න ඕනේ.” යනුවෙන්