දිගු වරලසෙන් ගිනස් පොතට ගිය ඉන්දියාවේ සිසුවා

දිගු වරලසෙන් ගිනස් පොතට ගිය ඉන්දියාවේ සිසුවා

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ 15 හැවිරිදි සිදක්දීප් සිං චාහල් නැමති සිසුවෙකු කොණ්ඩය දිගට වවා ගිනස් පොතට එක් වී තිබෙනවා.

මෙම තරුණයාගේ හිසකෙස් අඩි 4 කුත්, අගල් 9.5ක් හිසකෙස් දිග බවයි සඳහන් වන්නේ.

ගිනස් වාර්තා වෙබ් අඩවියේ සඳහන් වී ඇත්තේ නව යොවුන් වියේ පසුවෙන්නෙකු සතුව තිබෙනා ලොව දිගම කොණ්ඩය ලෙසටයි.

සිදක්දීප්ට දවසට දෙවරක් තම හිස සෝදන අතර, සේදීම හා වියළිමට අවම පැයක කාලයක්වත් ගතවන බවයි වාර්තා වන්නේ.

මීට පෙරද ලොව දීගම කොණ්ඩය හිමි සිසුවා වී සිටියේ ඉන්දීය සිසුවෙකු වන අතර, ඔහු 2021 වසරේ දී කෞතුකාගාරයට පරිත්‍යාග කළ නිසා එම වාර්තාවට සිදක්දීප් සුදුසුකම් ලබා තිබෙනවා.

”මගේ මවගේ උපකාරය නොතිබුනේ නම් එයට මුළු දවසම ගතවනු ඇත ” බව ගිනස් පොතට එක් වූ සිදක්දීප් පවසනවා.

තවද, ලොව දිගම කොණ්ඩය හිමි පිරිමි පුද්ගලයෙකු ලොව නැති බැවින් අවුරුදු 18 පිරිමෙන් පසු එම වාර්තා ද ඔහුට හිමිවෙන බව ගිනස් වාර්තා වෙබ් අඩවියේ සඳහන් වෙනවා.

https://tinyurl.com/mr2efjzm

COMMENTS