උසස් පෙළ විභාග කාලසටහන එළියට

උසස් පෙළ විභාග කාලසටහන එළියට

2023 උසස් පෙළ විභාගයේ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙවර විභාගය 2023 නොවැම්බර් 27 වැනි ආරම්භ වීමට නියමිතව ඇති අතර 2023 උසස් පෙළ විභාගය දෙසැම්බර් 21 අවසන් වන බවයි සඳහන් වන්නේ.

මෙවර විභාග ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව යම් අපේක්ෂකයෙකුට නැවත විභාගයට පෙනී සිටීමට අවශ්‍ය නම් විභාග දෙපාර්තමේන්තුව මඟින් මාර්ග ගත ක්‍රමයට අවස්ථාව ලබාදෙනු දෙන බවයි වාර්තා වන්නේ.

අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටින දරුවන් සඳහා පාසල් වාර 06ක් හිමිවන නමුත් මෙම සිසුනට නොවැම්බර් 24 දක්වා දින 343 ක කාලයක් තුළ පාසල් වාර 07ක් ඉගෙනුම් කටයුතු සඳහා හිමි වී තිබෙනවා.

අ.පො.ස.(උසස් පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමේ දී උසස් පෙළ පාසල් ශිෂ්‍යයන්ගේ පැමිණීම 80% සිට 40% දක්වා අඩු කර ඇති අතර පාසල්වලින් ලබා ගත් තොරතුරු අනුව විෂය නිර්දේශය ආවරණය වී ඇති බැවින් 2023 අ.පො.ස.(උසස් පෙළ) පන්තිවලට සිසුන්ගේ පැමිණීම දැනට අවම මට්ටමක පවතින බව ද මීට පෙර විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.