හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට සේවා දිගුවක්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට සේවා දිගුවක්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට යළිත් මාස 3 ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරනවා.

පොලිස්පතිවරයා පසුගිය මාර්තු මස 25 වැනි දා විශ්‍රාම යෑමට නියමිතව සිටි අතර ජනාධිපතිවරයා විසින් ඔහුට මාස තුනක 3ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දුන්නා.

පොලිස්පතිවරයකු විශ්‍රාම යන අවස්ථාවේ ආචාර පෙළපාලියක් පැවැත්වෙන නමුත් හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න විශ්‍රාම යන දිනයේ එසේ පෙළපාලියක් පවත්වා නොමැති බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කර සිටියේ හිටපු පොලිස්පතිවරයා හෙට (9)හෝ අනිද්දා (10) යළි සේවයට වාර්තා කිරීමට නියමිතව බවයි.

COMMENTS