ලොව ධනවත්ම යාචකයා ඉන්දියාවේ

ලොව ධනවත්ම යාචකයා ඉන්දියාවේ

ලොව ධනවත්ම යාචකයා ඉන්දියාවේ මුම්බායි නගරයෙන් වාර්තා වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මුම්බායි නගරය පදනම් කරගනිමින් තම රැකියාවේ නිරත වන භාරත් ජේන් ලොව ධනවත්ම යාචකයා වන බවයි.

ඔහුගේ දළ වත්කම ඉන්දියානු රුපියල් කෝටි 7.5 ක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 28 ක්) වන අතර මාසික ආදායම ඉන්දීය රුපියල් 60000 ත් 75000 ත් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 2 ක්) පමණ වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එමෙන්ම මෙම පුද්ගලයා සතුව රුපියල් කෝටි 1.2 ක් මහල් නිවාසයක් ද , මසකට ඉන්දීය රුපියල් 30000 ක කුලියක් ගෙවනා ව්‍යාපාරික ස්ථාන දෙකක්ද බවතින බවද සඳහන්.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම පුද්ගලයා හිඟා කෑම නවතා නොමැති බවත් ඔහු දිනකට පැය 10-12 අතර කාලයක් හිඟා කෑමේ නිරත වන බවයි.

https://tinyurl.com/2s3befwp