පොලී අනුපාත පහළ නොදමන බැංකු සහ මූල්‍ය ආයතන ගැන රජයේ අවධානය

පොලී අනුපාත පහළ නොදමන බැංකු සහ මූල්‍ය ආයතන ගැන රජයේ අවධානය

මහ බැංකුව පොලී අනුපාත පහළ දැමීමට සාපේක්ෂව පොලී අනුපාත අඩු නොකරන වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන පිළිබඳ සොයා බලා ඒවා දැඩි නියමනයකට ලක් කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

සුරාබදු සැරයන්වරුන්ට ස්වර්ණ සම්මාන පිරිනැමීම වෙනුවෙන් සුරාබදු මූලස්ථානයේ ඊයේ (07) පැවැති උත්සවයට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මහ බංකුව අනුව යමින් පොලී අනුපාත පහළ දැමීමට වාණිජ බැංකු කටයුතු කළ යුතු බවයි

එමෙන්ම රාජ්‍ය ආදායම් ඉහළ නැංවා ගැනීම පිළිබඳ වාර්තාව ලබන 12 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙන බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

රජයට ආදායම් උපයා දෙන ආයතන සමග පැවැති දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව මෙම වාර්තාව සකස් කෙරෙනවා.