රට අස්ථාවරත්වයක් ඇති කිරිමේ සැළසුම් පිළිබඳ බුද්ධි අංශ සීරුවෙන්

රට අස්ථාවරත්වයක් ඇති කිරිමේ සැළසුම් පිළිබඳ බුද්ධි අංශ සීරුවෙන්

රට තුළ යළි අස්ථාවරත්වයක් ඇති කිරිමේ සැළසුම් පිළිබඳ බුද්ධි අංශ පූර්ණ අවධානයෙන් පසු වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

පසුගිය දා මහනුවර ඇල්කඩුව ප්‍රදේශයේ පිහිටි සුප්‍රසිද්ධ හෝටලයක පසුගියදා පැවැත්වූ වැඩමුළුවක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊයේ (06) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු අදහස් පළ කළා.

රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ එහිදී විරෝධතාවකදී හමුදාවට සහ පොලීසියට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් පුහුණුවක්ද ලබා දී ඇති බවයි.

COMMENTS