දකුණේ ප්‍රදේශ තුනකට දැඩි ආරක්ෂාවක්

අම්බලන්ගොඩ, අහුංගල්ල සහ මීටියාගොඩ පොලිස් වසම් තුළ පසුගිය දිනවල වෙඩි තැබීම්,මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ සිද්ධීන් වැඩි වශයෙන් වාර්තා වීම නිසා එම ප්‍රදේශවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙනවා.
පොලිසිය, විශේෂ කාර්ය බලකාය, මෙන්ම යුද, නාවික හමුදා කණ්ඩායම් ඒ සඳහා යොදවා ඇති අතර බුද්ධි අංශ වාර්තා පිළිබඳවද නිරන්තරයෙන් අවධානයෙන් පසුවන බව සඳහන්.
මේ අතර නීති විරෝධී මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට බුද්ධි අංශ වෙත ලද තොරතුරක් මත උරගස්මංහන්දිය – බෝගහවෙල ප්‍රදේශයේ පාළු නිවෙසක් පරික්ෂා කිරීමේදී යුද හමුදා සංග්‍රාමික ඇඳුම් කට්ටල 2 ක් ඇතුළු හමුදා ඇඳුම් කට්ටල කිහිපයක් සොයා ගැනුණා.
එසේම ග්‍රෑන්ඩ්පාස් – නාගලගම්විදිය ප්‍රදේශයේදි පෙරේදා කුඩු නිලූ නැමති කාන්තාවගේ පුත්‍රයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තා.