ගුරුවරයා මරාදැමූ වරදට තරුණයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්

ගුරුවරයා මරාදැමූ වරදට තරුණයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්

එක්සත් ජනපදයේ අයෝවා හි තරුණයෙකුට ඔහුගේ උසස් පාසලේ ස්පාඤ්ඤ ගුරුවරයාට බේස්බෝල් පිත්තකින් පහර දී ඝතනය කිරීම සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙනවා.

Fairfield උසස් පාසලේ 66 හැවිරිදි Nohema Graber ගුරුවරියවයි එලෙස ඝාතනය කර ඇත්තේ.

උසාවි වාර්තාවලට අනුව, ඔහු ගුරුවරිය ඇවිදිමින් සිටියදී සැඟවී සිට, ඇයව වනාන්තරයට ඇදගෙන ගොස්, බේස්බෝල් පිත්තකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

2021 වසරේදී Willard Miller ඔහුට වයස අවුරුදු 16දී අපරාධය සිදු කළ ඇති අතර ඊයේ(06) දිසා විනිසුරු Shawn Showers විසින් දඬුවම නියම කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

විනිසුරුවරයා තම තීන්දුව ලබා දුන් විට ඔහු කිසි ලෙසකින් සංවේදී නොවීම විශේෂ කරුණක් ලෙසයි විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත්තේ.

https://tinyurl.com/3n55kas8