කාන්ති ගුණතුංග දිවි ගමන නිමා කරයි

කාන්ති ගුණතුංග දිවි ගමන නිමා කරයි

සිංහල සිනමාවේ ජ්‍යේෂ්ඨතම රංගන ශිල්පිනියක් වන කාන්ති ගුණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහත්මිය 86 හැවිරිදි වියේ පසුවිය.

නවසීලන්තයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී කාන්ති ගුණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.

සුරංගනී චිත්‍රපටය හරහා රංගනයට පිවිසි කාන්ති ගුණතුංග මහත්මිය දොස්තර, දුප්පතාගේ දුක, සුරසේන, සූරයා, සංදේශය, වන මෝහිණී චිත්‍රපට සඳහා රංගනයෙන් එක්විය.

වර්ෂ 1960 දී විවාහ දිවියට ඇතුළත් වීමෙන් අනතුරුව කෙන්යාව බලාගිය ඇය සිනමාවෙන් ඈත් විය.

පසුව ශ්‍රී ලංකාවට පැමිණි කාන්ති ගුණතුංග සැලමුතු පින්න චිත්‍රපටයට යළි රංගනයෙන් එක්විය.

අනතුරුව ටෙලිනාට්‍ය රංගනයටද පිවිසි කාන්ති ගුණතුංග මහත්මිය සිරියලතා, පූජා සහ විශ්ව ගමන යන ටෙලිනාට්‍ය රංගනයෙන් හැඩ කළේය.