උසස් පෙළ විභාගය මෙම වසර අවසානයේ දී

උසස් පෙළ විභාගය මෙම වසර අවසානයේ දී

මේ වන විට උසස් පෙළ උත්තර පත්‍ර සමීක්ෂණයේ අවසන් අදියරට පැමිණ සිටින අතර එය අවසන් වූ වහා ම සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර සමීක්ෂණය ආරම්භ කරන බවත් 2023 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගය ද මෙම වර්ෂාවසානයට පෙර පවත්වන අතර දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය 2024 වර්ෂයේ මුල් කාර්තුවේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද දින පාර්ලිමේන්තුවේදීයි.

එම විභාග සංවිධාන කටයුතු විභාග දෙපාර්තමේන්තුව විසින් නියමිත පරිදි සිදු කරන අතර සාමාන්‍ය පෙළ ඇතුළු වෙනත් විභාග අපේක්ෂකයන්ගේ තොරතුරු බාහිර පාර්ශ්වයකට ලබා දීම අත්හිටුවන ලෙස සියලු ම පළාත් හා කලාප කාර්යාලවලට දන්වන බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසුවා.

පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධ ව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, සිසුන්ට වෘත්තීය පුහුණුව ලබා දීමේ වැඩසටහන් සංවිධානය කරගැනීම, වෙනත් බාහිර පාර්ශ්වයක මැදිහත්වීමක් නොමැති ව අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සමඟ එක් ව අධ්‍යාපන අමාත්‍යාංශයට පාසල් පද්ධතිය තුළ දී ම ස්වාධීන ව සිදු කරගත හැකි බවයි.

COMMENTS