විහාරස්ථානවලට ලබාදුන් අලි ඇතුන් ගැන සංගණනයක්

විහාරස්ථාන වෙත ලබාදී ඇති අලි ඇතුන් සම්බන්ධයෙන් වනජීවී අමාත්‍යංශය සමඟ එක්ව සංගණනයක් සිදුකිරීමට අපේක්ෂා කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රකාශ කළා.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදින් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ කුමන සතෙකුට වුවද සිදුවන හිංසා අනුමත කළ නොහැකි බවයි.
මේ අතර මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙකු ද යන්න පිළිබඳවයි.