ලොතරැයි අද සිට වැඩි වෙයි

ලොතරැයි අද සිට වැඩි වෙයි

සංවර්ධන ලොතරැයි මණ්ඩලය හා ජාතික ලොතරැයි මණ්ඩලය මඟින් අලෙවි කරන ලොතරැයිවල මිල අද (06) සිට රුපියල් විස්සකින් වැඩි වන අතර ඒ අනුව ලොතරැයියක මිල රුපියල් හතළියක් වෙයි.

මෙම මිල වැඩි වීමත් සමඟ ලොතරැයි මිල දී ගන්නා පාරිභෝගිකයන් වෙත සංවර්ධන හා ජාතික ලොතරැයි දිනුම් ඇදීමේදී ලබාදෙන ත්‍යාග මුදල් ප්‍රමාණ වැඩි කර තිබෙන අතර අලෙවි නියෝජිතයන්ට ලබා දෙන කොමිස් මුදල ද දෙගුණ කර
තිබෙන බව එම මණ්ඩල ප්‍රධානීහු ප්‍රකාශ කරති.

පවතින අධික පිරිවැය තත්ත්වය මඟහරවා ගැනීමේ අරමුණින් ලොතරැයි මිල ඉහළ දැමීමට කටයුතු කළ බව ජාතික ලොතරැයි මණ්ඩලය පවසයි.

මේ අතර ලොතරැයි ටිකට් පතක මිල ඉහළ නැංවීම සහ ඊට සාපේක්ෂව කොමිස් මුදල් ඉහළ නොදැමීමට විරෝධය පළ කරමින් අද සිට ලොතරැයි අලෙවියෙන් ඉවත් වීමට තීරණය කළ බව සමස්ත ලංකා ලොතරැයි සංගමය පවසයි.

එහි සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා පැවසුවේ, මිල ඉහළ දැමීම හේතුවෙන් ලොතරැයි අලෙවි කිරීමේ ගැටලුවක් මතුවන බවය.

කෙසේවෙතත් ලොතරැයි මිල ඉහළ දැමීම තුළින් කිසිදු පාර්ශවයකට අසාධාරණයක් සිදුව නොමැති බව ජාතික ලොතරැයි මණ්ඩලයේ අලෙවි සහකාර සාමාන්‍යාධිකාරී මෙනුර චතුරංග මහතා පැවසුවේය.

COMMENTS