ජනප්‍රිය පොප් ගායිකාවක් මියයයි

ජනප්‍රිය පොප් ගායිකාවක් මියයයි

රසික හදවත් දිනූ සුප්‍රකට පොප් ගායිකා කොකෝ ලී අභාවප්‍රාප්ත වී තිබේ.

වසර කිහිපයක් පුරා මානසික අවපීඩන තත්ත්වයකින් පෙළුණු ඇය පසුගිය ඉරිදා සියදිවි හානිකරගැනීමට උත්සාහ කර තිබු අතර එහිදි ඇය කෝමා තත්ත්වයකට පත්ව රෝහල් ගත කෙරුණි.

පසුව ඊයේ (05) දිනයේ අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

1975 වසරේ හොංකොංහි උපත ලද කොකෝ ලී මියයන විට 48 වන වියේ පසුවුණි.