ඇප කොන්දේසි සම්පූර්ණ කළ නතාෂා

ඇප කොන්දේසි සම්පූර්ණ කළ නතාෂා

කොළඹ මහාධිකරණය මගින් ඊයේ ඇප නියම වූ නතාෂා එදිරිසූරියගේ ඇප අයදුම්පතට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ද අද (06) අත්සන් තැබුවා.

අනතුරුව ඇප කොන්දේසි සම්පූර්ණ කළ ඇය අධිකරණයෙන් පිටත්ව ගියා.

බුදුදහමට අපහාස කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි නාතාෂා එදිරිසූරිය ඇප මත නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරුවරයා ඊයේ නියෝග කළා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියම කර තිබුණේ ඇය ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

මහාධිකරණ තීන්දුවත් සමඟ ඇප ලැබූ ඇය අධිකරණයෙන් පිටව ගියා.

මේ අතර නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී අධිකරණයට අපහාසයක් සිදු වූ බවට රහස් පොලීසිය විමර්ශන සිදු කරනවා.

ඒ කොටුව මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුවයි.

මෙම විමර්ශන අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන කළ ඉල්ලීමක් කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කළා