මොස්කව් අගනුවරට ඩ්‍රෝන ප්‍රහාරයක්

මොස්කව් අගනුවරට ඩ්‍රෝන ප්‍රහාරයක්

රුසියාවේ මොස්කව් අගනුවර ඉලක්ක කරගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ බව රුසියාව තහවුරු කර තිබෙනවා.

ඔවුන් කියා සිටියේ ඩ්‍රෝන ප්‍රහාර 5ක් පමණ එල්ල වී ඇති නමුත් ඒ සියල්ල වෙඩි තබා බිම හෙලා ඇති බවයි.

ඉන් කිසිදු ජීවිත හානියක් සිදුව නැහැ. ඩ්‍රෝන ප්‍රහාර අවධානම හේතුවෙන් මොස්කව් විනුකෝවෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

රුසියාව චෝදනා කළේ ප්‍රහාරයේ වගකීම යුක්රේනය භාරගත යුතු බවයි.

ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් යුක්රේනයට ඩ්‍රෝන පුහුණුව ලබාදීම මෙම ප්‍රහාර වලට මූලික හේතුව බවටයි ඔවුන් කියා සිටියේ.

එහෙත් රුසියාව එල්ල කරන චෝදනා යුක්රේනය ප්‍රතික්ෂේප කරනවා.

https://tinyurl.com/muc43835