අස්වැසුම අභියාචනා ලක්ෂ 5 පනී

අස්වැසුම සමාජ ප්‍රතිලාභ ක්‍රමය සම්බන්ධයෙන් අභියාචනා හා විරෝධතා 550,000 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
ඒවා විමර්ශනය කිරීමේ කටයුතු ද මේ වනවිට ක්‍රියාත්මක වේ.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඒ සඳහා කමිටු පිහිටුවා ඇති බව අමාත්‍යාංශය පැවසීය.
මේ අතර අස්වැසුම සමාජ ප්‍රතිලාභ ක්‍රමයෙන් සමෘද්ධිය අහිමි වූ පිරිස් ඊයේ ද දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතාවල නිරත විය.
මේ අතර අස්වැසුම සහන වැඩසටහනේ ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු ප්‍රතිලාභී ලැයිස්තුව මේ වන විට නිකුත් කර ඇති බව සමාජ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
ඒ අනුව ඊයේ (4) දිනයේ සිටසියලුම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවලින් සහ ග්‍රාම නිලධාරී කාර්‍යාලවලින් ලබා ගැනීමට හැකියාව පවතිනවා.
මේ වන විට අස්වැසුම සහන වැඩසටහනට අදාළව අභියාචනා පන්ලක්ෂ 47 දහස් 34 ක් සහ විරෝධතා 7,965 ක් ලැබී ඇති බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට ලබන 10 වනදා දක්වා කාලය ලබාදී තිබෙනවා.