ICC කාන්තා එක්දින ක්‍රීඩිකාවන් අතර පළමු තැන චමරිට

ICC කාන්තා එක්දින ක්‍රීඩිකාවන් අතර පළමු තැන චමරිට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කාන්තා ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණ තිබේ.

ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පිතිකරණ ශ්‍රේණිගතකිරීම්හි පළමු ස්ථානයට පත්වූ ප්‍රථම අවස්ථාව ලෙස ද එය ඉතිහාසයට එක්වනු ඇත.

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී චමරි දැක්වූ දක්ෂතා අනුව ඇයට මෙම ස්ථානය හිමි වී තිබේ.

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගයේදී චමරි අතපත්තු පන්දු 83කට ලකුණු 108ක් රැස් කළා ය.

එහි තුන් වන සහ අවසන් තරගයේදී ද විශිෂ්ට දක්ෂතා දැක්වූ චමරි පන්දු 80කදී වේගවත් ලකුණු 140ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියා ය.

COMMENTS