කතරගම අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට ජන ගඟක්

කතරගම අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට ජන ගඟක්

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ (03) රාත්‍රියේ විථි සංචාරය කෙරිණි.

පෙරහර ඉතිහාසයේ වැඩිම ජනතාවක් මෙවර සහභාගී විම විශේෂත්වයකි.

අවසන් රන්දෝලී පෙරහැර නැරඹීම සඳහා පෙරහර මංගල්‍යයේ පහළොස්වැනි දිනය වූ ඊයේ (03) දිනයේ දහවලේ සිටම ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගෙන් පූජා භූමිය පිරි ගොස් තිබිණි.

වසර 4 කට පසු මෙලෙස වැඩිම ජනතාවක් මෙවර පෙරහර නැරඹීම සඳහා එක්ව සිටියහ.

අද (04 ) මැණික් ගඟේ දිය කැපීමේ චාරිත්‍රය ඉටුකර පෙරහැර නිමාවට පත්වේ.