අධි ඇසළ පොහොය අද

අධි ඇසළ පොහොය අද

මෙම වර්ෂය අධික අවුරුද්දක් වන බැවින් ඇසළ පොහොය ලබන මස 01 වන දිනට යෙදී ඇති අතර අද දිනයේ අධි ඇසළ පොහොය ලෙස සැළකේ.

බෝසතාණන් වහන්සේ මහමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම සිදුවුයේ ඇසළ පුර පසළොස්වක පොහො දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

වෙසතුරු ආත්මභාවයෙන් පසු තුසිත දෙව්ලොව උපත ලැබූ බෝසතුන් මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ ඇසළ පුර පසළොස්වක

සිදුහත් කුමරු සතර පෙර නිමිති දැක ගිහිගෙය කළකිරි මහාභිනිෂ්ක්‍රමණය කළේ ද ඇසළ පුන්පොහෝ දිනක බව බෞද්ධ පොත පතේ සඳහන්.

තමා අවබෝධ කරගත් පරම සත්‍යය ලෝක සත්වයාට දේශනා කර ඔවුන් සසරින් මුදා ගැනීමේ අරමුණින් බුදුරාජාණන් වහන්ගේ සිය මංගල ධර්ම දේශනය වන දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව බරණැස ඉසිපතනයේදී පැවැත්වුවේ ද ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදී ය.

එමෙන්ම කොණ්ඩඤ්ඤ හිමියන් ධර්මාවබෝධ කර ගැනීමෙන් පසුව සංඝ ශාසනයේ ආරම්භය සිදුවූයේ ද මෙම පොහෝ දිනයේ බව ශාසන ඉතිහාසයේ සඳහන්.

ලක්දිව ප්‍රථම වස් එලැඹීම සටහන් කළ ඇසළ පුර පසළොස්වක පොහොය දිනය උපසම්පදා භික්ෂුන්ගේ පෙර වස් එළැඹුම් දිනය ද වේ.

දිවයිනේ වෙහෙර විහාරස්ථානවලදී සැදැහැවතුන් අද අලුයම සිට ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරත වේ.