සිංහ, නෙදර්ලන්ත සටන අද

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ දෙවන තරඟය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර තරඟය අද (30) දහවල් 12.30 ට සිම්බාබ්වේ දේශයේ බුලවායෝ ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිතය.
සුපිරි 6 දෙනාගේ වටය ආරම්භ කරමින් පළමු තරඟය ඊයේ (29) දින සිම්බාබ්වේ හා ඕමානය අතර පැවති අතර ඉන්ත සිම්බාබ්වේ කණ්ඩායම තියුණු ජයක් ලැබුවා.
බී කාණ්ඩය යටතේ සුපිරි 6 දෙනාගේ වටයට තරඟ වැදුනු ශ්‍රී ලංකාව මීට පෙර ඕමානය හා ස්කොට්ලන්තය අතර පැවැති තරඟ සියල්ලම ජයගනිමින් ප්‍රසාද ලකුණු 4 ක් සහ 2.698 ක දළ ලකුණු ලබා ගැනීමේ වේගයක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව සිටිනවා.
ශ්‍රී ලංකාව සමග අද තරඟ වදින නෙදර්ලන්ත කණ්ඩායමද ඒ කාණ්ඩය යටතේ තරඟ වැදුනු ඇමෙරිකා එක්සත් ජනපදය ,බටහිර ඉංදීය කොදව්වන් හා නේපාල කණ්ඩායම් පරාජය කරමින් ඒ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් කණ්ඩායමකි.
කෙසේ වෙතත් අද තරඟය ආරම්භ කිරීමට පෙර නෙදර්ලන්තය සමග පැවති පෙර පුහුණු තරඟයෙන් ද ශ්‍රී ලංකාව පහසු ජයක් ලබාගත් අතර එවැනි ජයග්‍රාහි මානසිකත්වයකින් ශ්‍රී ලංකා කණ්ඩායම අද බුලවායෝ හීදී නෙදර්ලන්තය හා නැවත තරඟ වැදීමට නියමිතයි.