විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තීරණය අද

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තීරණය අද

මෙම වසරේ දෙවන විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තීරණය අද (30) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ සඳහා මහජන උපයෝගීතා කොමිසමේ නව සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු ඇතුලු සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් අද (30) දහවල් සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතයි.

පසුගියදා මේ සම්බන්ධයෙන් මහජන උපදේශනයක්ද පැවැත්වුණා.

එහිදී ඉදිරිපත් වූ යෝජනාද ගාස්තු සංශෝධනයේ දී සැළකිල්ලට ගනු ඇති. විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තුව සියයට 3%කින් පහත දැමීමට යෝජනා කළ අතර, ඊට වඩා වැඩි ප්‍රතිශතයකින් ගාස්තු පහත දැමිය හැකි බව අදාළ මහජන උපදේශනයේදී තහවුරු වුණා.

ඒ අනුව මහජන උපයෝගීතා කොමිසමේ තීරණය අද පස්වරුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කියා සිටියේ.