ගල්වැව සිරිධම්ම හිමිගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට උසාවියෙන් අවසර

ගල්වැව සිරිධම්ම හිමිගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට උසාවියෙන් අවසර

ගල්වැව සිරිධම්ම හිමිගේ බැංකු ගිණුම් 19ක් පරීක්ෂා කිරීම සඳහා ත්‍රස්ත මර්දන කොට්ඨාසයට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අවසර දී තිබෙනවා.

ගල්වැව සිරිධම්ම හිමි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන මේ වන විට ඇප මත මුදා හැර සිටිනවා.

සැකකාර හිමිගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අවසර ලබා දෙන ලෙස ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුවයි එසේ අවසර හිමි වුණේ.

COMMENTS