අස්වැසුමේ අභියාචනා පිළිබඳ සොයාබැලීමට විමර්ශන කමිටුවක්

අස්වැසුමේ අභියාචනා පිළිබඳ සොයාබැලීමට විමර්ශන කමිටුවක්

අස්වැසුම සමාජ සුබසාධක වැඩපිළිවෙල යටතේ දැනට ලැබී ඇති අභියාචනා පිළිබඳ සොයාබැලීමට අදාළ විමර්ශන කමිටු ලබන සතියේ පත්කරන බව රජය පවසනවා.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම කමිටු ස්ථාපිත කිරීමටයි නියමිතව ඇත්තේ.

කෙසේ වෙතත් එළැඹෙන ජුලි 10 වනදා දක්වා අස්වැසුම වැඩපිලිවෙලට අභියාචනා ඉදිරිපත් කිරීමට ජනතාවට අවස්ථාව පවතිනවා.

දැනට ඒ සඳහා තුන්ලක්ෂ 90,000 ක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ලෝක බැංකුවෙන් මෙරටට ලැබීමට නියමිත ඩොලර් මිලියන 700 ක මූල්‍ය ප්‍රතිපාදනවලින් ඩොලර් මිලියන 200 ක් ඉදිරි දින තුන ඇතුළත මෙරටට ලැබීමට නියමිතයි.

එම මුදල් ප්‍රමාණය සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් සඳහා යෙදවීමට එකඟතාවය පළවී ඇති අතර ඒ අනුව එය අස්වැසුම වෙනුවෙන් යෙදවීමටයි රජය තීරණය කර ඇත්තේ.

මේ වන විට අයදුම්පත් කැඳවා ඇත්තේ අස්වැසුම වැඩපිළිවෙලේ මේ වසරේ ඉදිරි මාස 06 සඳහා වන අතර ලබන වසර සඳහාද අගෝස්තු මාසයේ සිට අයදුම්පත් කැඳවන බවයි මුදල් අමාත්‍යංශය කියා සිටියේ.