සූදු ක්‍රීඩා නියාමනයට අධිකාරියක්

සූදු ක්‍රීඩා මඟින් අපේක්ෂිත බදු ආදායම් නිසි පරිදි අයකරගැනීම, සූදු ක්‍රියාකාරකම් හා සම්බන්ධ අපරාධ ක්‍රියාවන් වැළැක්වීම, සූදු ක්‍රීඩාවන් මගින් පුද්ගලයින්ට හා සමාජයට සිදුවන අයහපත් ප්‍රතිවිපාක අවම කිරීම වැනි කාර්යයන් සඳහා සියලුම සූදු ක්‍රීඩා ක්‍රියාකරුවන්ට බලපාන පරිදි සූදු ක්‍රීඩා නියාමනය කිරීමේ අධිකාරිය නමින් නියාමන ආයතනයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙනවා
ඒ සඳහා අවශ්‍ය පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන්නේ.
