ශ්‍රී ලංකා ක්‍රිකට් කෙල්ලන්ට සුපිරි ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කෙල්ලන්ට සුපිරි ජයක්

සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම සමඟ ගාල්ලේ පැවති පළමු එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 9ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා පිල ඊයේ (27) සමත්වුණා.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ඉනිමක් පන්දුවාර 28කට සීමා වූ අතර පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා පිල නියමිත පන්දුවාර 28දී කඩුලු 5ක් දැවී ලකුණු 170ක් රැස් කිරීමට සමත්විය.

ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 27ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා කාන්තා පිල නවසීලන්තය පරාජය කළ පළමු අවස්ථාව මෙයයි.

මෙම තරගයේදී නායිකා චමරි අතපත්තු නොදැවී ලකුණු 108ක් සහ විශ්මි ගුණරත්න ලකුණු 50ක් රැස්කළේය.