ඩොලර් බිලියන 17ක් ප්‍රතිව්‍යුහගත කිරීමට අපේක්ෂිතයි – ජනපති

වසර පහක කාලයක් තුළ ඩොලර් බිලියන 41.5ක මුළු විදේශ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 17ක් ප්‍රතිව්‍යුහගත කිරීමට රජය අපේක්ෂා කරන බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමද ඒ අනුව සිදුකළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා
ඒ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් .
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්‍ෂණය යටතේ පවතින රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ඇතුළු රටේ බැංකු පද්ධතියේ ස්ථායිතාවට කිසිදු බලපෑමක් සිදු නොවන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහතික වී තිබෙනවා.