ඇමරිකාවෙන් යළිත් යුක්‍රේනයට යුධ ආධාර

ඇමරිකාවෙන් යළිත් යුක්‍රේනයට යුධ ආධාර

ඇමරිකාව විසින් යුක්රේනයට තවත් ඩොලර් මිලියන 500 ක යුධ ආධාර ලබාදීමට තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සන්නද්ධ හමුදා රැගෙන යා හැකි ට්‍රක් රථ, කාලතුවක්කු, රොකට් ඇතුළු යුධ උපකරණ රැසක් ඒ යටතේ ලබාදෙනු ඇති බවයි.

යුක්රේන ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ට්විටර් ගිනුමේ සටහනක් තබමින් ඇමරිකාවට සිය කෘතඥතාව පළකර තිබෙනවා.

රුසියාව, යුක්රේනය ආක්‍රමණය සිදු කර දින සිට ඇමරිකාව විසින් මෙලෙස යුක්රේනයට යුධ ආධාර ලබා දෙන්නේ 41 වන වතාවටයි.

https://tinyurl.com/2p97pchp