ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්ත තරඟය අද

ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්ත තරඟය අද

එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය අද (27) ස්කොට්ලන්තය සමඟ පැවැත්වෙනවා.

දැනටමත් ඒ කාණ්ඩය යටතේ සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් සහ නෙදර්ලන්තය සුපිරි හය දෙනාගේ වටයට සුදුසුකම් ලබා සිටිනවා.

බී කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය සහ ඕමානයයි සුදුසුකම් ලබා ඇත්තේ.

ඒ අනුව මේ මස 30 වැනිදා ශ්‍රී ලංකාව, නෙදර්ලන්තය සමඟ සුපිරි හය දෙනාගේ වටයේ ක්‍රීඩා කරන අතර ජූලි දෙවැනිදා සිම්බාබ්වේ සහ ජූලි 7 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ශ්‍රී ලංකාව තරඟ වදිනු ඇති.

මේ අතර ඊයේ (26) පැවති සුදුසුකම් ලැබීමේ තරඟ දෙකකින් අමෙරිකාව පරදවා සිම්බාබ්වේ කණ්ඩායමට සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරදවා නෙදර්ලන්තයට ජය හිමි වුණා.